Loading...
Sri Lanka --:--:-- --/--/----
Australia --:--:-- --/--/----


Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5


TOP NEWS

Politics
2026-03-16 07:55:19

පෙර පාසල් සඳහාත් නව විෂය නිර්දේශයක් හඳුන්වා දීමට රජය සැලසුම් කරයි.

2027 වසරේ සිට පෙර පාසල් අධ්‍යාපනය සඳහා නව විෂය නිර්දේශයක් හඳුන්වා දීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඇය සඳහන් කළේ රජය මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර එය පාසල් අධ්‍යාපනයට පමණක් සීමා නොවී පෙර පාසල් අධ්‍යාපනයද ඇතුළත් කරමින් ඉදිරියට ගෙන යන බවයි. එම අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ මුල් ළමා විය සංවර්ධනය සහ පෙර පාසල් පද්ධතිය නවීකරණය කිරීම සඳහා විශේෂ අවධානය යොමු කර ඇති බවද ඇය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ මෙතෙක් පෙර පාසල් ආරම්භ කිරීම සහ මුල් ළමා විය සංවර්ධනය කිරීම විධිමත් ලෙස සිදු නොවූ බවයි. ඒ අනුව සියලු පෙර පාසල් ලියාපදිංචි කිරීම, ඒවා ප්‍රමිතිගත කිරීම සහ නියාමනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කළාය. එමෙන්ම පෙර පාසල් ගුරුවරුන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම සහ පෙර පාසල් අධ්‍යාපනය සඳහා පිළිගත් ඩිප්ලෝමා මට්ටමේ විෂය මාලාවක් හඳුන්වා දීමද එහි කොටසක් වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කිරීම සහ ඔවුන්ට සුදුසු වැටුප් පද්ධතියක් හඳුන්වා දීම සඳහා ද පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Aus news

ඔස්ට්‍රේලියාවේ නීතිවිරෝධීව පෙට්‍රල් මිල ඉහළ දැමූවන්ට දඩයක්

2026-03-16 01:18:48

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල අර්බුදය දිගටම පැවතීමත් සමඟ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට හදිසි පියවරක් ගැනීමට රජය සූදානම් වී ඇත. Treasurer වන Jim Chalmers පවසන්නේ පාරිභෝගික නිරීක්ෂණ ආයතනය වන Australian Competition and Consumer Commission (ACCC) විසින් ලබන අඟහරුවාදා පෙට්‍රල් සැපයුම්කරුවන්, විකිණුම්කරුවන් සහ වාහන කර්මාන්ත කණ්ඩායම් සමඟ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි. ACCC විසින් නිකුත් කළ නව වාර්තාවක් අනුව සමහර ස්ථානවල පෙට්‍රල් retail මිල wholesale මිලට වඩා ඉක්මනින් ඉහළ යන බවට සාක්ෂි කිහිපයක් හඳුනාගෙන තිබේ. Chalmers පවසන්නේ මෙය “අනවසර සහ පිළිගත නොහැකි තත්ත්වයක්” බවයි. එවැනි නීතිවිරෝධී ක්‍රියා සිදු කරන ව්‍යාපාර හඳුනාගත්හොත් ඔවුන්ට දැඩි දඩ සහිත නීතිමය පියවර ගන්නා බවත්, ACCCට අදාල ස්ථානයේදීම දඩ නිකුත් කිරීමේ බලය ද ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය. රජය විසින් නීතිවිරෝධීව පෙට්‍රල් මිල ඉහළ දමන ව්‍යාපාර සඳහා ඩොලර් මිලියන 100 දක්වා දඩ නියම කිරීම සඳහා නව නීති හඳුන්වාදීමටත් සැලසුම් කර තිබේ. මෙම නීතිය පාර්ලිමේන්තුව නැවත රැස්වූ පසු මේ මාසයේ ඉදිරිපත් කරන බව Chalmers පැවසීය. මැදපෙරදිග දේශපාලන තත්ත්වය හේතුවෙන් ලෝක ඉන්ධන මිල මත පීඩනය වැඩිවී ඇති අතර, එය ඔස්ට්‍රේලියානු ජනතාවට අමතර ආර්ථික පීඩනයක් ඇති කර ඇති බවද ඔහු අවධාරණය කළේය.

Ceylon

වසර 38කට පසු ජංගම ගිණුමේ අතිරික්තයක් – රාජ්‍ය ආදායම වේගයෙන් ඉහළට

2026-03-15 19:33:19

දැඩි ආර්ථික අර්බුදයකින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් ස්ථායීකරණ මාවතට පිවිසෙමින්, වසර 38කට පසු ප්‍රථම වතාවට රජයේ අයවැයෙහි ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට සමත්ව ඇති බව නවතම ආර්ථික දත්ත විශ්ලේෂණ මගින් අනාවරණය වී තිබේ. 1987 වසරෙන් පසු මෙරට රාජ්‍ය මූල්‍ය ඉතිහාසයේ පළමු වරට මෙවැනි තත්ත්වයක් වාර්තා වීම විශේෂත්වයක් ලෙස සැලකේ. ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ යටතේ රජය නියම කරගෙන තිබූ ප්‍රධාන ඉලක්කයක් වූයේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 15.3% දක්වා ඉහළ නැංවීම යි. 2025 වසර සඳහා නිල දත්ත ඉදිරි සති කිහිපය තුළ නිකුත් වීමට නියමිත අතර, දැනට ඇති ඇස්තමේන්තු අනුව බදු ආදායම දැනටමත් එම ඉලක්කය ඉක්මවා ඇති බව සඳහන් වේ. බදු නොවන ආදායම් ද එකතු කළ විට, සමස්ත රාජ්‍ය ආදායම GDP හි 16.8% පමණ වන ඉහළ මට්ටමකට පැමිණ ඇති බවද විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ රජයේ වියදම් කළමනාකරණයද සාර්ථක තත්ත්වයක පැවති බව දත්තවලින් අනාවරණය වේ. ඒ අනුව, පොලී රහිත වර්තන වියදම් – GDP හි 8.4% පොලී වියදම් – GDP හි 7.6% සමස්ත වර්තන වියදම – GDP හි 16.0% රජයේ සමස්ත වර්තන වියදම රජයේ ආදායමට වඩා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් GDP හි 0.8% ක ජංගම ගිණුම් අතිරික්තයක් නිර්මාණය වී ඇත. මෙම තත්ත්වය අනුව රජයේ දෛනික පරිභෝජන වියදම් පවත්වාගෙන යාම සඳහා අතිරේක ණය ලබා ගැනීමට අවශ්‍ය නොවන මට්ටමකට රජයේ ආදායම ශක්තිමත් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙති.

Aus news

Sydney හි ප්‍රධාන Highway එකක් හදිසියේම වසා දමයි

2026-03-15 01:20:32

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ Sydney සිට Western NSW ප්‍රදේශයට සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් වන Great Western Highway හි කොටසක් තාවකාලිකව වසා දමා ඇති බව බලධාරීන් පවසයි. මෙම වසා දැමීම සිදුව ඇත්තේ Blue Mountains ප්‍රදේශයේ Mitchell’s Causeway ලෙස හැඳින්වෙන පැරණි පාලමක බරපතළ පදනම් හා ව්‍යුහාත්මක දෝෂ හඳුනා ගැනීමෙන් පසුවය. ආරක්ෂාව හේතුවෙන් මාර්ගය අවම වශයෙන් මාස තුනක් පමණ වසා තැබීමට හැකි බව ප්‍රකාශ වී ඇත. මෙම මාර්ගය දිනපතා රියදුරන් දහස් ගණනක් භාවිතා කරන ප්‍රධාන ප්‍රවාහන සම්බන්ධතාවයක් වන අතර Sydney සහ Western NSW අතර ගමනාගමනයට විශාල බලපෑමක් මෙමගින් එල්ල වී තිබේ. මාර්ගය වසා දැමීමෙන් පසු රියදුරන්ට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව ඇති අතර, සමහර ගමන් වලට පැය දෙකක් දක්වා අමතර කාලයක් ගතවිය හැකි බව වාර්තා වේ. Transport for NSW පවසන්නේ මාර්ගය නැවත විවෘත කිරීමට පෙර භූ තාක්ෂණික පරීක්ෂණ සහ අලුත්වැඩියා කටයුතු සම්පූර්ණයෙන් සිදු කළ යුතු බවයි. එම අතරතුර, ප්‍රදේශවාසීන්ට සහ ගමනාගමනයට සහය වීමට අමතර දුම්රිය සහ බස් සේවාද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.